සෙරීනා විලියම්ස් මවක් වෙයි

Share

ලෝක කාන්තා ටෙනිස් කරළියේ බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩිකාව ලෙසට අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ උපන් සෙරීනා විලියම්ස්ව අප හඳුනයි. ඇය තරම් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ අවධානය දිනූ වෙනත් ක්‍රීඩිකාවක් නැති තරම්ය. මේ කළු ජාතික ක්‍රීඩිකාව වසර 14දී එනම් 1995දී ජාත්‍යන්තර කනිෂ්ඨ ටෙනිස් පිටියට පා තැබීය.

ඒ සියල්ල අතර ග්‍රැන්ඩ් ස්ලෑම් ශූරතා නමින් හඳුන්වන වසරේ ප්‍රමුඛතම ටෙනිස් තරගාවලි 4දී සිය ආධිපත්‍ය පතුරුවාලමින් ඇය විසින් උපයාගත් ධන සම්භාරයත්, කීර්තියත්, ශූරතා ප්‍රමාණයත් අබිබවා යාමට සමත් කිසිදු ක්‍රීඩිකාවක් නැවත කිසිදිනෙක බිහි නොවනු ඇතැයි බොහෝ ටෙනිස් විචාරකයෝ කියති.

ඇය විසින් දිනාගන්නා ලද ශූරතා සමග තරකරගත් ධන සම්භාරය අමෙරිකානු ඩොලර් මිලියන 29කි. පසුගිය වසරේ සුප්‍රකට ෆෝබ්ස් සඟරාව නම් කළ ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ධනවත්ම පුද්ගලයන් සිය දෙනා අතර සිටින එකම ක්‍රීඩිකාව ද ඇයයි.

වාර්තා කන්දරාවකට හිමිකම් කියමින් තවත් වාර්තා ගණනාවක් තැබීමේ එළිපත්තට පිවිසී සිටි සෙරීනා පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී සිය කුළුඳුල් දරු ප්‍රසූතියෙන් පසුව තවමත් ටෙනිස් පිටියට පා තැබුවේ නැත. අමෙරිකාවේ ධනවත් ව්‍යාපාරිකයකු වන ඇලෙක්සිස් සමග අැය විවහා විය. සෙරිනගේ වයස අවුරුදු 36 ක්. සෙරිනා සිය දියණියට නම තැබුවේ ඇලෙක්සිස් ඔලිම්පියා ඔහානියන් ලෙසටය.

Read more

Local News