ඊයේ වාර්තා වු අවසන් ආසාදිතයින් 11 දෙනා නාවික හමුදා සාමාජිකයින්

Share

ඊයේ(17) දින අවසන් වරට වාර්තා වු ආසාදිතයින් 11 දෙනා නාවික හමුදා සාමාජිකයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ඊයේ දිනය තුළ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 21 දෙනෙක් වාර්තා වු බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 981 දක්වා ඉහළ ගියේය.

ඉන් ආසාදිතයින් දෙදෙනෙකු එංගලන්තයේ සිට පැමිණි අය බව සඳහන්.

මේ අතර ඊයේ දිනය තුළ 18 දෙනෙක් පූර්ණ සුවය ලැබා ඇති අතර සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 538 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිත වු  පුද්ගලයින් 434දෙනෙකු වෛද්‍ය අධික්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමෙන් මෙරට පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තිබේ.

Read more

Local News