මහ මැතිවරණයට අදාළ පෙත්සම් සලකා බැලීම අද

Share

ජුනි මස 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත්ව තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද(18) සලකා බැලීමට නියමිතව තිබේ.

 

ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරුමඩුල්ල හමුවේ එම පෙත්සම් අද සහ හෙට(19) සලකා බැලීමට නියමිත බව අප අධිකරණ වාර්තාකරු පැවසුවේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්රිඅයන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන් සෙසු සාමාජිකයින් වෙයි.

රංජිත් මද්දුම බණ්ඩාර, පාඨලි චම්පික රණවක, කුමාර වෙල්ගම, නීතීඥ චරිත ගුණවර්ධන ඇතුළු පිරිස විසින් ගොනුකර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා , මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු පාර්ශව රැසක් නම් කර තිබේ.

එම පෙත්සම් සම්බන්ධයෙන් අතරමැදි පෙත්සම් 11ක් ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙන බව අප අධිකරණ වාර්තාකරු පැවසුවේය.

Read more

Local News