මේ වසරේ තවත් ගුවන් පාලම් 10ක් – ස්පාඤ්ඤ රජයේ ආධාර යටතේ

Share

ජනාකීර්ණ හා අධික වාහන තදබදයක් පවතින අත්‍යවශ්‍යම ස්ථාන තෝරා පාලම් ඉදිකිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන බව ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

2016 වසරේ මහාමාර්ග අමාත්‍යවරයා හැටියට මම පොල්ගහවෙල වගේම රාජගිරියේත්, ගණේමුල්ල නගරයේත් ගුවන් පාලම් තුනක ඉදිකිරීම් ආරම්භ කළා.

මේ වසරේ තවත් ගුවන් පාලම් 10ක් ඉදිකරන්න ස්පාඤ්ඤ රජයෙන් අපට ආධාර ලැබෙනවා. අත්‍යාවශ්‍යම ප‍්‍රදේශ තෝරාගෙන මෙම ගුවන් පාලම් ලබාදෙන්න අමාත්‍යාංශය කටයුතු කරනවා. යාන්ගල්මෝදර ප‍්‍රදේශයේ පසුගිය කාලේ දරුණු අනතුරක් සිදු වුණා. එම ස්ථානයේත් නව ගුවන් පාලමක් ඉදිකරන්න රජය බලාපොරොත්තු වෙනවා. මහාමාර්ග අමාත්‍යාංශය මඟින් සෑම දිස්ත‍්‍රික්කයකම මාර්ග කි.මී.75ක් බැගින් කාපට් යොදා නවීකරණය කරනවා. අපි බලයට පත් වෙද්දි අපේ රට ලෝකයෙන් කොන් වෙලා තිබුණේ. වැඩිදුරටත් අදහස් පළ කරමින් ඇමැතිවරයා මෙසේද පැවසුවේ ය.

Read more

Local News