රාගම සිදුවු රිය අනතුරකින් අයෙක් මරුට

Share

රාගම පොලිස් වසමේ නැලිගම හික්ගහවත්ත මාර්ගයේ හික්ගහවත්ත හංදියේ දී ඊයේ(20) සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

නැලිගම දෙස සිට හික්ගහවත්ත දෙසට ධාවනය වු කාර් රථයක ඉදිරියෙන් පැමිණි යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරු පැදිකරු හා කාර් රථයේ රියදුරු රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව යතුරුපැදිකරු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 47 ක් වු මහර, කඩවත ප්‍රදේශ‍යේ පදිංචිකරුවෙකි.

අනතුර සම්බන්ධයෙන් රාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News