මාළිගාවත්ත ප්‍රදේශයේ සිදු වූ සිද්ධියට අත්අඩංගුවට ගත් පිරිස නිරෝධායනයට

Share

මාළිගාවත්ත ජුම්මා මස්ජිද් මාවත ප්‍රදේශයේ දේවස්ථානයක් අසළ සිදු වු තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

 

ඊයේ (21) දහවල් එම ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙත මුදල් බෙදාදිමේ වැඩසටහනක් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඇතුලු පිරිසක් විසින් සංවිධානය කර තිබුණි.

එහිදි එම මුදල් බෙදා දීම සංවිධානය කළ ව්‍යාපාරිකයා ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු මාළිගාවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබු අතර ඔවුන් ලබන මස 04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

කෙසේවෙතත් මෙරට තුළ පවතින කොවිඩ් නයින්ටීන් වෛරස් රෝගතත්වය හේතුවෙන් මොවුන් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකිරිමට නියමිත බවද වාර්තා වේ.

Read more

Local News