දෙමළ පොප් ගායකයෙකු වන ඒ.ඊ.මනෝහරන් දිවියෙන් සමුගනී

Share

ශ්‍රී ලංකාවේ දෙමළ රසිකයින් අතර ඉතා ජනප්‍රිය දෙමළ පොප් ගායකයෙකු වන ඒ.ඊ.මනෝහරන් ඊයේ ඉන්දියාවේ චෙන්නායි රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබේ.

සිංහල හා දෙමළ චිත්‍රපට 265ක රඟපා ඒවායින් වැඩි කොටසකට පසුබිම් ගායනයෙන්ද සහය වී ඇති ඔහු සම්මාන ලාභී ගායකයෙකි.

1972 ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට බැදුණු මනෝහරන් භාෂා පහකින් ගීත ගායනා කොට ඇත.

සිංහල හා දෙමළ මිශ්‍ර ගීත කීපයක්ම ගායනා කොට ඇති මනෝහරන් විසින් ගායන කල ‘සින්න මාමියේ..සින්න මාමියේ” ගීතයත් ”සුරංගනී” ගීතයත් සිංහල හා දෙමළ රසිකයින් අතර ඉතා ජනප්‍රිය වී තිබේ.

Read more

Local News