භූමිතෙල් ධීවර ප්‍රජාවට, අඩු ආදායම්ලාභී පවුල් වෙත සැපයීම කිසිම අවස්ථාවක සීමා කර නැහැ

Share

ලංකා භූමිතෙල් අවභාවිතය වළක්වාලමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ චක්‍රලේඛය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් අසත්‍ය කරුණු ප්‍රකාශ කරමින් සිටින බවත් භූමිතෙල් ධීවර ප්‍රජාවට හෝ අඩු ආදායම්ලාභී පවුල් වෙත සැපයීම කිසිම අවස්ථාවක සීමා කර නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගිය 18දා නිකුත් කළ චක්‍රලේඛයෙන් අවධාරණය කර ඇත්තේ ලංකා භූමිතෙල්වලට ලබා දෙන සහනයට මුවාවී මහා පරිමාණයෙන් සිදුකෙරන ලංකා භූමිතෙල් අවභාවිතය වැළැක්වීම සඳහා වූ ක්‍රියාමාර්ග පමණයි.
ලංකා භූමිතෙල් පාඩු ලබමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අලෙවි කරනුයේද ධීවර ප්‍රජාවට සහ අඩුආදායම් ලාභී පවුල්වලට සහන ලබා දීමේ අරමුණනි. එබැවින් ධීවර ප්‍රජාවට හෝ අඩු අදායම්ලාභී පවුල් වෙත ලංකා භූමිතෙල් ඉල්ලුමේ ප්‍රමාණයට සපයන්නැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සියලුම පිරවුම්හල් වෙත උපදෙස් දී තිබේ.

Read more

Local News