ජනපතිට නව තානාපතිවරු පස් දෙනෙක් අක්තපත‍්‍ර භාරදෙයි

Share

ශ‍්‍රී ලංකාවට පත්ව ආ නව තානාපතිවරු පස් දෙනෙක් අද (23) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත‍්‍ර භාරදුන්හ.

සුඩානය, වියට්නාමය, මියන්මාරය, කොරියාව සහ චීනය සඳහා මෙලෙස නව තානාපතිවරුන් පත්ව සිටිති.

01. Mr. Sirajuddin Hamid Yousif    –  ශ‍්‍රී ලංකාවේ සුඩාන තානාපති
02. Ms. Pham Thi Bich Ngoc   –  ශ‍්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි
03. Mr. Han Thu   –  ශ‍්‍රී ලංකාවේ මියන්මාර තානාපති
04. Mr. Lee Heon –  ශ‍්‍රී ලංකාවේ කොරියානු තානාපති
05. Mr. Cheng Xueyuan –  ශ‍්‍රී ලංකාවේ චීන තානාපති අක්තපත්‍ර භාර දී තිබේ.

Read more

Local News