කොවිඩ් ආසාදිතව සුවය ලැබු තවත් නාවිකයින් 10ක් පිටව යයි

Share

කොවිඩ් – 19 වෛරසය ආසාධනය වී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 10දෙනෙකු වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කල පී.සී.ආර් පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ(23) දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

 

මෙම නාවික පුද්ගලයින් සියලු දෙනාම කොවිඩ් – 19 වෛරසය ආසාධනය වීම හේතුවෙන් ප්‍රථිකාර සඳහා රෝහල් වෙත යොමු කර ඇත.

ඔවුන්ගෙන් 07දෙනෙකු නාවික මහ රෝහලින්ද, දෙදෙනෙකු මුල්ලේරියාව රෝහලින්ද, එක් නාවික පුද්ගලයෙකු අයිඩීඑච් රෝහලින්ද ප්‍රතිකාර ලබා ගෙන තිබේ.

ඒ අනුව එම රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටිය දී වරින් වර සිදු කල පී.සී.ආර් පරීක්‍ෂණයන්හි ප්‍රථිඵල අනුව අදාල වෛරසය තවදුරටත් එම නාවිකයින්ගේ සිරුරු තුළ නොමැති බව තහවුරු වීම නිසා මෙලෙස එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.‍

මෙම නාවික හමුදා පුද්ගලයින් 10 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 293ක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියලූම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

Read more

Local News