මෙරට‍ කොරෝනා ආසාදිතයින් ගණන 1141ක් දක්වා ඉහළට

Share

මෙරට කොරෝනා සමස්ත ආසාදිතයින් ගණන 1141ක් දක්වා ඉහළ ‍‍ගොස් තිබේ.

 

නව කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් 52 දෙනෙකු ඒ අනුව ඊයේ දිනය තුළ හඳුනා ගෙන තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ හඳුනා ගැණුනු එම ආසාදිතයින්ගෙන් 49 දෙනෙකු කුවේට් හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි පිරිසක් බවයි.

ඉන් 42 දෙනකු මින්නෙරිය නිරෝධායන සිටි පුද්ගලයින් වන අතර අනෙක් 07 දෙනා ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් බව සඳහන්.

ඊයේ දිනයේ හඳුනා ගැනුණු අනෙක් ආසාදිතයින් තිදෙනාගෙන් දෙදෙනෙකු නාවික හමුදා සමාජිකයෙකු වන අතර අනෙක් පුද්ගලයා ඉන්දුනිසියාවේ සිට පැමිණ පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි අයෙකු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read more

Local News