කුවේට් සිට මෙරටට පැමිණි 90 කට කොරෝනා

Share

කුවේට්හි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසෙන් 90 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ඒ අනුව විදෙස් සිට මෙරටට පැමිණි 157 ක් ආසාදිතයින් ලෙස හමුවී ඇතැයි ද යුද හමුදාපතිවරයා පැවසීය.

සමාජයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වුයේ 405 ක් පමණ ප්‍රමාණයක් වන බවත්, පසුව නාවික සෙබලුන් 619 කට කොරෝනා ආසාදනය වු බවත් පැවසු යුද හමුදාපතිවරයා එම නාවික සෙබලුන් සියලු දෙනා ඉතා ආරක්ෂිත ලෙස නිරෝධායනට යොමු කර සමාජයට ආසාදනය වීම වැළැක්වු බවත් කියා සිටියේය.

කුවේට් රාජ්‍යයෙන් පැමිණි 90 කට හා ඩුබායි සිට පැමිණි 18 දෙනෙකු හා ඉන්දුනිසියාවේ සිට පැමිණි පුද්ගලයින් කීප දෙනෙක්ට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පැවසු යුද හමුදාපතිවරයා, විදෙස් රටවලින් පැමිණෙන සියලු දෙනා ඉතා ආරක්ෂාකාරී ලෙස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර එහිදී කරනු ලැබු PCR පරීක්ෂණවල දී ඔවුන්ට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු කර ගන්නා බවද පැවසීය.

Read more

Local News