අද සිට වැස්සේ වැඩිවීමක්

Share

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වායක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අද(26) සිට ඉදිරි දින කීපයේ දී බලාපොරොත්තු විය හැකියි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ ඌව පළාත්වල ද අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවල ද විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

කෑගල්ල, රත්නපුර, කළුතර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සමහර ස්ථානවල මිලි මීටර 100 වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැකියි.

දිවයින හරහා තැනින් තැන සවස 2.00 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං පැයට කිලෝමීටර 70-80  දක්වා ඇති විය හැකියි.

Read more

Local News