Huawei Nova 7i සඳහා ඉහළ පාරිභෝගික ආකර්ෂණයක්

Share

ජංගම දුරකතන තාක්ෂණයේ ප්‍රමුඛයා මෙන්ම නවෝත්පාදකයා වන Huawei විසින් මෑතකදී වෙළඳ පොළට හඳුන්වා දුන් Nova 7i ස්මාර්ට් ජංගම දුරකථන සඳහා දැඩි පාරිභෝගික ආකර්ෂණයක් පවතී.

 

අවම පිරිවැයකට උසස්ම තාක්ෂණය අත් විඳීමේ අවස්ථාව පාරිභෝගිකයාට හිමි කර හඳුන්වා දුන් Nova 7i, පාරිභෝගිකයින්ගේ සිත් වසඟ කර ගන්නා වර්ණ ත්‍රිත්වයක් වන Sakura Pink, Crush Green සහ  Midnight black වර්ණයන්ගෙන් වෙළඳපල තුල දැක ගත හැකි වේ.

ආකර්ෂණීය සහ පහසු නිමාවක් සමඟින් එන Nova 7i  හි දැක ගත හැකි සුවිශේෂීම විශේෂාංගය වනුයේ එහි Quad AI කැමරා පද්ධතියයි.

උසස් ගණයේ ඡායාරූප සහ වීඩියෝ ගත කිරීම් පැහැදිළි සහ පුළුල් ලෙස සිදු කිරීම සඳහාත්,  ඉහළ resolution අගයක් ඇති වර්ණවත් ඡායාරූප සහ වීඩියෝ දවසේ ඕනෑම වේලාවකදී ස්වභාවික අලංකාරය පෙන්නුම් වන ආකාරයට ලබා ගැනීම සඳහාත්, Nova 7i හි 48MP ප්‍රධාන කාච, 8MP ultra wide කැමරාව,  2MP macro, සහ 2MP depth කැමරා උපකාරී වේ.

ප්‍රමුඛ පෙළේ  වෘත්තීය කැමරාවල හැකියාවට සමාන හැකියාවක්  විදහා පාන කැමරා App තුල පවතින Photo, Video, Pro, Night, Portrait, Panorama, HDR, Slow motion, Moving picture, Super macro  සහ Time lapse වැනි විශේෂාංග හරහා ඕනෑම අයකුට විශිෂ්ඨ ඡායාරූප ශිල්පියෙක් වීමේ හැකියාව හිමි වේ.  තවද Huawei Nova 7i  හි  16MP punch-hole සෙල්ෆි කැමරාව තුල වූ  AI තාක්ෂණය මඟින් ස්වභාවික සෙල්ෆි ඡායාරූපයක් ලබා ගැනීමේ හැකියාව වර්ධනය කරයි.  දුරකථනය භාවිත කරන්නන්ට සෙන්ටිමීටර  4 ක් තරම් සමීපව වස්තුන්  focus කිරීමට එහි macro කාචය තුලින් හැකියාව ලැබෙන අතර  Huawei Nova 7i  හි කැමරා සතු bokeh effects හා නවතම AI Portrait Colour මඟින් ඡායාරූප වලට සිනමාත්මක ගුණයක් ලබා දෙයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් Huawei සමාගමේ මෙරට ප්‍රධානී පීටර් ලියු මහතා පවසා සිටියේ ඉතා තියුණු, පැහැදිළි හා අලංකාර ඡායාරූප ලබා ගැනීම පහසුව පරිශීලකයාට හිමි කර දෙමින් Nova 7i සඳහා විශිෂ්ඨ කැමරා පද්ධතියක් එක් කර තිබෙනවා යන්නයි. ප්‍රමුඛ පෙළේ  වෘත්තීය කැමරාවල හැකියාවට සමාන හැකියාවක්  විදහා පාන කැමරා පද්ධතිය සමඟින් පාරිභෝගිකයා ගෙවන මිලට අද්විතීය පහසුකම් රැසක් එක් කරමින් වෙළද පොළට දියත් කරන ලද  Nova 7i නිසැකයෙන්ම  පරිශීලකයින් වෘත්තීමය ඡායාරූප ශිල්පීන් බවට පත් කරනවා යනුවෙන්ද හෙතෙම පැවසිය.

8GB  RAM, 128GB මතක ධාරිතාවයක් සහ GB 256ක් දක්වා දිගු කල හැකි Nano මතක ධාරිතාවයක් ඇති Nova 7i,  4200mAh බැටරියකින්  සහ  40W Huawei SuperCharge පහසුකමින් යුක්ත වේ.  මේ තුලින් භාවිත කරන්නන්ට විනාඩි 30 ක් තුළදී  70% සිය Nova 7i  දුරකථනය චාර්ජ් කිරීමේ හැකියාව ලැබෙනු ඇත. තවද Kirin 810 චිප් සෙට් මත පදනම්ව Nova 7i  නිර්මාණය කර තිබීම හේතුවෙන් ඉතා හොඳ ස්මාර්ට් දුරකතන අත්දැකීමක් පාරිභෝගිකයාට හිමි වේ.

නවතම  android 10 තාක්ෂණය  සහ  Huawei EMUI 10 සමඟින් නිපදවා ඇති Nova 7i මෑතකදී හඳුන්වා දුන් Huawei AppGallery අන්තර්ගත කර  පැමිණෙන නිසා  පරිශීලකයින්ට  තමන්ට අවශය පරිදි ආරක්ෂිතව Apps ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාව හිමි වේ.

තවද Nova 7i හි  ඉතා සුළු කාලයක් ඇතුළත unlock කර ගැනීමට Power Button මත  පිහිටි fingerprint scanner භාවිත කරන්නා මවිතයට පත් කරන  අතර  සිහින් බවින් හා මනා සේ ගැලපෙන නිමාවෙන් යුක්ත නිසා, භාවිත කරන්නාට ඔවුන්ගේ එදිනෙදා ජංගම දුරකතන කාර්යයන් ඉතා පහසුවෙන් කර ගැනීමට හැකියාව Nova 7i  තුලින් ලැබේ.

Read more

Local News