නිරෝධායන නීති කඩ කළ දකුණු කොරියාවේ අයෙකුට මාස 4 ක සිර දඩුවමක්

Share

නිරෝධායන නීති කඩ කළ පුද්ගලයෙකුට දකුණු කොරියානු අධිකරණයක් විසින් මාස 4 ක සිර දඩුවමක් නියම කර තිබේ.

 

වෛරසය ව්‍යාප්තියෙන් වැඩිම බලපෑම් එල්ල වූ ප්‍රදේශයක් වන ගියොන්ගි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු හට මෙම දඩුවම නියම වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදාල පුද්ගලයාට නිවසේ හෝ නිරෝධායන මධ්‍යස්ථානයකදී නිරෝධායනයට යොමුවන ලෙස බලධාරීන් උපදෙස් ලබා දී තිබුණි.

කෙසේවෙතත් එම පුද්ගලයා නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පොදුස්ථානවල නිරන්තරයෙන් ගැවසී ඇති අතර ඒ අනුව එරට අධිකරණයක් විසින් ඔහුට සිර දඩුවම් නියම කර තිබේ.

Read more

Local News