කටාර් සිට ලාංකිකයන් පිරිසක් දිවයිනට

Share

කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටියදී , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 268 දෙනෙකු අද(27) අළුයම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් දෝහා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

 

ඔවුන් කටාර් රාජ්‍යයේ, දෝහා සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 218 දරන විශේෂ ගුවන් යානයෙන් අද අළුයම 5.4ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරික පංතියේ ආසන 10ක සහ පිරිමැසුම්දායක පංතියේ ආසන 258ක අසුන් ගෙන සිටි අතර, ඔවුන් අතර කුඩා ළමුන් සිව් දෙනෙකු ද සිටි බව අප වාර්තාකරු පවසයි.

මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසුව, ඔවුන් රැගෙන ආ බඩුබාහිරාදිය ද සමඟ විෂබීජහරණය කිරීමට ලක් කෙරුණි.

ඉන් පසුව ඔවුන් තුළ කොරෝනා රෝග ලක්ෂණ පවතී ද යන්න විමසා බැලීමක් ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් සිදු කළහ.

ඉන් අනතුරුව මෙම ගුවන් මගීන් සියලු දෙනා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් විශේෂ බස් රථ මගින් නීරෝධායන කටයුතු සඳහා රැගෙන යෑම සිදු කෙරුණි.

Read more

Local News