අගමැති සහ ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි

Share

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අතර හමුවක් සිදුව තිබේ.

 

අද (27) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති එම හමුවේදී ද්වීපාර්ශවීය ආර්ථික සබඳතාවය වැඩිදියුණු කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

එහිදී ඉන්දීය මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇත්තේ කොවිඩ් නයින්ටීන් වසංගතය හමුවේ මෙරට ගෙනයන වැඩපිළිවෙල පිළිබදව ඉන්දීය රජය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පැසසුම ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට හිමිවන බවයි.

ඉන්දියාවේ කෞතුකාගාරවල තැන්පත් කර ඇති බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා බෞද්ධ සිද්ධස්ථාන වෙත යොමු කර ලෝකවාසී බෞද්ධයින්ට ධාතුන් වහන්සේලා වැදපුදා ගැනීමට සහ එම ධාතුන් වහන්සේලාට පුද සත්කාර කිරීමටත් අවස්ථාව හිමිවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කර තිබේ.

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හමුවේ ඉදිරියේදී ඇති වනආර්ථික අවපාතවට සහ ආර්ථික ගැටලු සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඉතා හොඳ අවබෝධයකින් මෙන්ම එකඟතාවයකින් කටයුතු කිරීමට ද මෙහිදි දෙපාර්ශවයේ අවධානය යොමු වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේය.

Read more

Local News