එජාපයේ මහලේකම්ගෙන් පක්ෂ සාමාජිකයින්ට නිවේදනයක්

Share

වෙනත් දේශපාලන පක්ෂයකින් මෙවර මහ මැතිවරණය නාමයෝජනා අත්සන් කළ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් වෙත ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසමින් ලිපි යොමු කර ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

 

පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති සාමාජිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා මේ බව සදහන් කර තිබේ.

අදාල ලිපිය මගින් මහලේකම්වරයා පෙන්වා දී ඇත්තේ එළඹෙන මහමැතිවරණයට ඉදිරිපත් වීම සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන වෙනත් පක්ෂයකින් නාමයෝජනා ලබාදුන් කිසිඳු පුද්ගලයෙකු කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කිසිදු පූර්ව අවසරයක් ලිඛිතව ලබාගෙන නොමැති බවයි.

එය පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව පෙන්වාදෙන මහලේකම්වරයා එලෙස කටයුතු කර ඇති පුද්ගලයින්ට එරෙහිව කටයුතු කිරීමට පක්ෂ නායකත්වය තීරණය කර ඇති බව ද සදහන් කර තිබේ.

ඒ අනුව නිදහසට කරුණු විමසා ඇති අතර ඒ සම්බන්ධයෙන් ලිඛිතව සිදුකරනු ලබන කරුණු දැක්වීම් සහ අභියාචනා සියල්ල ඉදිරියේ පැවැත්වෙන එක්සත් ජාතිකපක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සැසිවාරයේදී සාකච්ඡා කර සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

Read more

Local News