2019/2020 විශ්වවිද්‍යාල අයදුම්පත් කැඳවීම ජුනි 2 අවසන්

Share

රටෙහි පවතින COVID 19 වසංගත තත්ත්වය හේතුවෙන් 2019/2020 අධ්‍යයන වර්ෂයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා මාර්ගගත ක්‍රමය මඟින් අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2020 මාර්තු මස 26 වනදා සිට අප්‍රේල් මස 9වනදා තෙක් දිර්ඝ කිරීමටත්, නැවතත් එය පාසල් යළි ආරම්භ කර සති දෙකක් යන තෙක් ලෙස වැඩිදුරටත් දිර්ඝ කිරීමටත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට සිදු විය.

 

නමුත් රටේහි පවතින තත්ත්වය ක්‍රමයෙන් යහපත් අතරට හැරෙමින් පවතින බැවින් , 2019/2020 අධ්‍යන වර්ෂයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා මාර්ගගත ක්‍රමය මඟින් අයදුම්පත් කැඳවීම 2020 ජුනි මස 2වනදායින් අවසන් කිරීමට විශ්යවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇති බව දැනුම් දී ඇත.

Read more

Local News