මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1453ක් දක්වා ඉහළට

Share

අද(27) රාත්‍රී 08.30 වන විට තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 81 දෙනෙකු වාර්තා වී තිබේ.

 

ඒ සමඟ මෙරට COVID 19 වෛරසය ආසාදිත සංඛ්‍යාව 1453ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අනුව ආසාදිතයින් 711 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

මෙලෙස හඳුනාගත් කොරෝනා වෛරස ආසාදිතයින් 81 දෙනා විදේශ රටවල සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පිරිසක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 732 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News