බෙලරූස් හි රැඳි සිටි ශ්‍රි ලාංකිකයන් 277ක් දිවයිනට

Share

බෙලරූස් රාජ්‍යයේ සිට ශ්‍රි ලාංකිකයන් 277 දෙනෙකු ශ්‍රි ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් දිවයිනට පැමිණි තිබේ.

 

බෙලරෑස් හි මින්ස්ක් නුවර ගුවන් තොටුපළේ සිට පැමිණ තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 1206 දරන විශේෂ ගුවන් යානය මගින් මෙම ශ්‍රී ලාංකික ගුවන් මගීන් පිරිස ඊයේ(28) රාත්‍රී 11.45ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් විෂබීජහරණය කිරීමට ලක් කෙරුණි.

පසුව මෙම ගුවන් මගීන් පිරිස ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් විශේෂ බස් රථ යොදා ගෙන නිරෝධායන කටයුතු සදහා එම මධ්‍යස්ථාන වෙත රැගෙන යෑමට පියවර ගෙන තිබුණි.

Read more

Local News