මිරිස්සේ වෙඩි තැබීමක්

Share

වැලිගම පොලිස් වසමේ මිරිස්ස ප්‍රදේශයේ දී අද(30) උදෑසන 7.30ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබේ.

 

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කර ඇත.

තුවාලකරු වයස අවුරුදු 28 ක් වු මිරිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම වෙඩි තැබීම සඳහා පැමිණි සැකකරුවන් දෙදෙනාගේ යතුරු පැදිය පදවාගෙන පැමිණි සැකකරු ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගෙන‍ පොලීසියට බාර දී තිබේ.

අත්අඩංගුවට පත් සැකකරු වයස අවුරුදු 25 ක් වු මීදිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු පොලිස් ආරක්ෂාව යටතේ ‍මාතර රෝහලට ඇතුළත් කර තිබේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මෙම වෙඩි තැබීම සිදු කළ ප්‍රධාන සැකකරු පළා ගොස් තිබේ.

Read more

Local News