තවත් නාවික හමුදා සාමාජිකයින් 15ක් සුවය ලබා පිටව යයි

Share

කොවිඩ් නයින්ටීන් ආසාදනය වූ තවත් නාවික හමුදා සාමාජිකයින් 15 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

 

ඒ අනුව සුව වූ සමස්ත නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 381ක් දක්වා ඉහල ගොස් ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

මේ වන විට නාවික හමුදා සාමාජිකයින් 734 දෙනෙකුට කොවිඩ් නයින්ටින් රෝගය වැළදී ඇති අතර ඒ අනුව තවදුරටත් නාවික හමුදා සාමාජිකයින් 353 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

Read more

Local News