අගමැති දළඳා සමිඳු වැඳපුදා ගනී

Share

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(30) පෙරවරුවේ මහනුවර දළඳා මාලිගාව වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්ත‌ේය.

 

අනතුරුව මල්වතු මහා විහාර පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

ඉන් අනතුරුව මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය දිඹුල් කුඹුරේ  විමලධම්ම අනුනා හිමියන් බැහැදැක අශිර්වාද ලබාගත්තේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරයට පැමිණ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් බැහැදක අශිර්වාද ලබාගත්තේය.

Read more

Local News