මුළු දිවයිනටම හෙට ඇඳිරි නීතිය

Share

මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි හෙට (31) ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

 

දිවයිනටම බලපැවැත්වෙන එම ඇඳිරි නීතිය ජුනි මස 01 වනදා අලුයම 04.00 දක්වා ක්‍රියාත්මකයි.

එදින සිට ජුනි මස 03 වන බදාදා දක්වා ඇඳිරි නීතිය බලපැවැත්වෙන්නේ රාත්‍රි 10.00 සිට අලුයම 04.00 තෙක් පමණයි.

ජුනි මස 04 සහ ජුනි 05 යන දෙදින පුරා යලි  දිවයිනටම ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙයි.

ජුනි 06 වන සෙනසුරාදා සිට යලි දැනුම් දෙනතුරු ඇඳිරි නිතිය බලපැවැත්වෙන්නේ සෑම දිනකම රාත්‍රි 10.00 සිට අළුයම 04.00 දක්වා පමණයි.

Read more

Local News