මාලිගාවත්තේ වෙඩි තැබීමක්

Share

මාලිගාවත්ත ලක්සෙත සෙවණ මහල් නිවාස සංකීර්ණයේ දී ඊයේ සවස සිදුවු වෙඩි තැබිමකින් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

 

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ඊයේ(30) පස්වරු 5.00ට පමණ අදාළ වෙඩි වැදීම සිදුව ඇති බවයි.

වෙඩි වැදිමෙන් තුවාල ලැබු පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙම වෙඩි තැබීම කවුරුන් විසින් කුමන හේතුවක් මත සිදු කළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

මාලිගාවත්ත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Read more

Local News