අනෝජා වීරසිංහ මහත්මිය මානසික සෞඛ්‍ය සේවාව ප්‍රවර්ධනයට එක්වෙයි

Share

මානසික සෞඛ්‍ය සේවාව ප්‍රවර්ධනය කිරිම සදහා ජනප්‍රිය රංගන ශිල්පිනී අනෝජා වීරසිංහ මහත්මිය ද සෞඛ්‍ය අමාත්‍යාංශය සමග එක් වෙයි.

මෙහිදී අදහස් දැක් වූ අනෝජා වීරසිංහ මහත්මිය ප්‍රකාශ කළේ මෙතෙක් කල් මානසික සෞඛ්‍ය සේවාව සදහා විධිමත් සහයෝගයක් රජයෙන් නොලැබුන බවයි. වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් එම සහයෝගය ලබාදෙන බව ඇය අවධාරණය කර සිටියාය.

මෙහිදී මානසික සෞඛ්‍ය සේවාව ප්‍රවර්ධනය කිරීම සදහා දිස්ත්‍රික් මට්ටමින් යෝග ව්‍යායාම් ආරම්භ කිරීමට තීරණය කළ අතර එම යෝග ව්‍යායාම් සිදු කිරීමේ දී ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ සහයෝගය ලබාගැනීමට ද පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදෙන ලදි.

පුහුණු කිරීමේ වැඩසටහන් ත්‍රිවිධ හමුදාවේ සිටින යෝග පුහුණුකරුවන් යොදාගනිමින් සිදු කිරීමට ද සාකච්ඡා කරන ලදි. දිවයින පුරා රෝහල්වල සිටින කාර්ය මණ්ඩලවලට, පාසල් දරුවන්ට සහ ආචාර්ය මණ්ඩලයට මෙන්ම දෙමාපියන්ට ද පුහුණුව ලබාදීමට සැළසුම් කර ඇත.

Read more

Local News