තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කරයි

Share

අම්බලන්තොට රොටවල බෝගහ හන්දිය ප්‍රදේශයේ දී ඊයේ(30) රාත්‍රියේ පුද්ගලයෙකු ඔහුගේ නිවස ඉදිරිපිට දී තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇති බව අම්බලන්තොට පොලීසිය පවසයි.

 

අම්බලන්තොට රොටවල බෝගහ හන්දිය ප්‍රදේශයේ තම නිවස ඉදිරිපිටදී මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 35 හැවිරිදි සනත් එදිරිසූරිය නමැති දෙදරු පියෙකි.

පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි.

ඝාතනය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Read more

Local News