වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති අත්අඩංගුවට ගැනීම පිළිබඳ නියෝගය හෙට

Share

වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගන්නවාද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය හෙට (3) දිනයේ ලබා දීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා තීරණය කර ඇත.

 

වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගන්නාලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් ඊයේ කොළඹ අපරාධ කොට්ඨාශය වෙත උපදෙස් ලබා දී ඇත.

2016 වසරේදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධ රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරට අදාලව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙසයි නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ.

Read more

Local News