දුම්රිය වැඩ වර්ජනයක්

Share

දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමය විසින් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

එහි සභාපති ඉන්දික දොඩංගොඩ සඳහන් කළේ, කොන්ත්‍රාත් පදනම මත දුම්රිය රියැදුරන් බඳවා නොගැනීම හා අතිකාල කප්පාදු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඒ අතර වන බව ය

මේ අතර දුම්රිය රියැදුරන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වන විට දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කිරීමට සිදුව තිබේ.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, කාර්යාලීය දුම්රිය සහ ශීඝ්‍රගාමී දුම්රිය ගමන් වාර 02ක් මෙලෙස අවලංගු කිරීමට සිදුවූ බව ය.

හලාවත සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය, ගල්කිස්ස සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන දුම්රිය සහ කොළඹින් මඩකලපුව දක්වා ගමන් කරන දුම්රිය අවලංගු කළ දුම්රිය ගමන් වාර අතර වේ.

Read more

Local News