දිවයිනේ බොහෝ පළාත් වලට වැසි රහිත කාලගුණයක්

Share

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (24) නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ දිවයිනේ බොහෝ පළාත් වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවයි.

කෙසේ වෙතත්, හම්බන්තොට, මාතර, බදුල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක වල සවස 2.00 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් ඇති විය හැක.

බස්නාහිර සහ සබරගමුව පළාත් වලත්, මඩකලපුව දිස්ත්‍රික්කයේත් විටින් විට හමන තරමක් තද සුළං බලාපොරොත්තු වේ. දිවයිනේ උතුරු පළාතේ ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් බලාපොරොත්තු විය හැක.

දිවයිනේ සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද නිකුත් කළ කාලගුණ අනාවැකියේ කියැවෙයි.

Read more

Local News