මොණරාගලදී පොලීසිය සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකින් සැකකරුවෙකු ජිවිතක්ෂයට

Share

මොණරාගල, ඉත්තෑකටුව ප්‍රදේශයේදී පුද්ගල ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් අදාල සැකකරු පොලිසියට අවශ්‍යව සිටි පුද්ගලයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ.

මොණරාගල, ඉත්තෑකටුව ප්‍රදේශයේ සැකකරු සැඟව සිටින බවට ලද තොරතුරකට අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී සැකකරු විසින් පොලිසියට වෙඩි තබා තිබේ.

එම අවස්ථාවේදී පොලිසිය විසින් සිදුකළ වෙඩි තැබීමකදී සැකකරු තුවාල ලබා මොණරාගල, සිරිගල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු සතුව තිබී අත් බෝම්බයක්, ගිනි අවියක් සහ පිහියක් පොලිස් භාරයට ගෙන තිබේ.

Read more

Local News