බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් 25ක් පිටව යයි

Share

බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුළ සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 25 දෙනෙකු ඊයේ(04) සහ අද(05) එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව ගොස් ඇත.

 

ඊයේ පුද්ගලයින් 09 දෙනෙක්ද, අද පුද්ගලයින් 16 දෙනෙකුද වශයෙන් සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ මෙම පුද්ගලයින් පිරිස රජයේ සෞඛ්‍ය උපදෙස් වලට අනුව නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පිටත් කර යැවීමට කටයුතු කරන ලදි.

තවද මෙහිදී ඔවුන් වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා ‍‍දෙනු ලබන සහතිකපත් ලබා දීමටද නාවික හමුදාව කටයුතු කරන ලදි.

Read more

Local News