Tuesday, March 19, 2024.

අද සිට ඇඳිරි නීතිය රාත්‍රී 11 සිට අළුයම 4 දක්වා ක්‍රියාත්මකයි

Share

දිවයින පුරා ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද(06) අළුයම 04.00ට ඉවත් කෙරුණි.

 

යළි ඇඳිරි නීතිය අද රාත්‍රී 11.00ට ක්‍රියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඒ අනුව අද දිනයේ සිට නැවත දැනුම් දෙන තුරු දිවයින පුරා ඇඳිරි නීතිය  ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 11.00 සිට අළුයම 04.00 දක්වා පමණක් බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එමෙන්ම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනා ගමනයට අවසර හිමි වෙයි.

රාජ්‍ය පෞද්ගලික යන දෙඅංශයේ ආයතන හා කාර්යාල පවත්වාගෙන යාමේදීත්, එදිනෙදා ජන ජිවිතයේදීත් කොරෝනා නිවාරණ සෞඛ්‍ය හා නිර්දේශ පෙර පරිදි පිළිපැදිය යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News