බැලස්ටික් යෝජනාව නොසලකා හැර ඇති බවට ප්‍රංශයෙන් චෝදනා

Share

ප්‍රංශ විදේශ ඇමැති ජීන් ඩ්‍රයන් බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති යුරෝපා විදේශ අමාත්‍යවරුන්ගේ හමුවකදී ප්‍රකාශ කළේ, ඉරානය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත් කරන ලද බැලස්ටික් යෝජනාව නොසලකා හැර ඇති බවට ප්‍රංශය චෝදනා කරන බවයි.

යේමනය, ලෙබනනය සහ සිරියාව ආදී රටවල් අස්ථාවර කිරීමට ඉරානය කටයුතු කරන බව ප්‍රංශ විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර යේමනය, ලෙබනනය සහ සිරියාවේ කටයුතුවලට ඉරානයේ මැදිහත්වීම සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ අනෙකුත් විදේශ අමාත්‍යවරුන් 28 දෙනා ද මෙහිදී අදහස් දැක්වීය. ඉරානය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනාවට අනුකූලව කටයුතු කළ යුතු බව ඔහු අවධාරණය කළේ ඉරානය න්‍යෂ්ටික ගිවිසුමට අත්සන් තබන ලද්දේ එක්සත් ජාතීන්ගේ එම යෝජනාවට අනුව බව සිහිපත් කරමිනි.

2015 දී බ්‍රිතාන්‍ය, චීනය, ප්‍රංශය, ජර්මනිය, රුසියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල් ඉරානය සමඟ ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට අත්සන් තැබීය. වසර 8ක් යනතෙක් න්‍යෂ්ටික ආයුධ රැගෙන යා හැකි බැලස්ටික් මිසයිල නිෂ්පාදනය හෝ නිර්මාණය කිරීමෙන් වැළකී සිටීමට එම යෝජනාවට සහ ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට අනුව ඉරානය බැඳී සිටී.

Read more

Local News