පාපන්දු ලෝක කුසලානය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ මහජන ප‍්‍රදර්ශනයට

Share

2018 ලෝක පාපන්දු ශූරතා තරගාවලියේ කුසලානය ඊයේ (23) ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබූ අතර, එය අද (24) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්විණි.
ලොව පුරා මහද්වීප 6ක් ඔස්සේ රටවල් 54ක මහජන ප‍්‍රදර්ශනය සඳහා රැගෙන යන චාරිකාව් ප‍්‍රථම ගමනාන්තය ලෙස කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන එම විශේෂත්වයක් වන අතර මෙලෙස පාපන්දු ලෝක ශූරතාවයක කුසලානයක් ශ‍්‍රී ලංකාවට රැගෙන ආවේ ඉතිහාසයේ පළමු වරට වීම ද විශේෂත්වයකි.
ශ්‍රී ලංකාවට අමතරව මෙම කුසලානය ආසියාව තුළ රැගෙන යාමට නියමිතව ඇත්තේ පකිස්ථානයට සහ මාලදිවයිනට පමණක් බවත් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය පවසයි.
ශ්‍රී ලාංකික පාපන්දු ක්‍රීඩාලෝලීන්ට පාපන්දු ලෝක කුසලානය සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව උදාකරමින් අද දිනයේ දී පාපන්දු කුසලානය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී මහජන ප‍්‍රදර්ශනයට තබයි.

Read more

Local News