‘පද්මාවතී’ ඉතිහාසය විකෘති කිරීමක් ද?

Share

සන්ජේ ලීලා භන්සාලි විසින් අධ්‍යක්ෂණය කරනු ලබන ‘පද්මාවතී’ දාහතර වෙනි සියවසට අයත් මුඛ පරම්පරාගත ඉන්දීය වෘත්තාන්තයක් පාදක කර ගනිමින් නිමවුණ සිනමා සිත්තමකි.

නමුත් ‘පද්මාවතී’ හින්දු රැජිනගේ චරිතය පාදක කර ගනිමින් නිර්මාණය කරන ලද චිත්‍රපටය ඉතිහාසය විකෘති කිරීමක් වන බව අන්තවාදී කණ්ඩායම් කියා සිටිති.

දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං ‘පද්මාවතී’ සිනමා වෘත්තාන්තයේ ප්‍රධාන චරිත රඟපානු ලබයි.

‘පද්මාවතී’ බොලිවුඩ් චිත්‍රපටයට විරෝධය පළ කරන හින්දු දක්ෂිනාංශික කණ්ඩායම්වල ආධාර කරුවන් විසින් ගුජරාට් ප්‍රාන්තයේ සාප්පු සංකීර්ණ විනාශ කරමින් රථ වාහන ගිනිබත් කරන ලද බව ගුජරාට් පොලිසිය පවසයි.

එහෙත් එම චිත්‍රපටය නිර්මාණය කළ සිනමාවේදීන් එම අදහස් ප්‍රතික්ෂේප කරති. අද (24) පද්මාවතී ප්‍රදර්ශනය සඳහා සිනමා ශාලා පියවර ගනිමින් තිබියදී ගුජරාටයේ පමණක් නොව තවත් ප්‍රාන්ත කීපයක ද ආරක්ෂාව තර කරනු ලැබ ඇත.

Read more

Local News