මරණ දණ්ඩනය නියම වුවන් දූපතකට

Share

බරපතළ අපරාධවලට සම්බන්ධ වූ සහ මරණ දඩුවම නියම වූ සිරකරුවන් මඩකලපුවේ දූපතක ස්ථානගත කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව අධිකරණ, මානව හිමිකම් සහ නීතී ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

 

කොළඹ දී ඊයේ (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, දැනට මඩකලපුවේ ළාඳුරු රෝගීන් සඳහා වෙන්කර තිබු මෙම දූපතේ දැනට සිටින්නේ රෝගීන් දෙදෙනෙකු බවයි.

මේ වන විට ඔවුන් ද සුවය ලබමින් සිටින බවද පැවසු අමාත්‍යවරයා, සෞඛ්‍ය අංශවලින් මේ වන විට එම දුපත බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත පවරා ගෙන බරපතළ අපරාධකරුවන් හා මරණ දණ්ඩනයට නියම වු අපරාධකරුවන් එහි ස්ථාන ගත කිරීමේ වැඩපිළිවෙලක් පිළිබඳව අවධානය යොමුව ඇතැයි ද පැවසීය.

මේ සඳහා කෙටි කාලයක් ගත වනු ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

Read more

Local News