ඉන්දු – ලංකා ක්‍රිකට් තරඟාවලිය ජුනි මස පවත්වන්නේ නෑ

Share

මේ මාසයේදී පැවැත්වීමට නියමිත ව තිබූ ශ්‍රී ලංකා සංචාරයට සහභාගී විය නොහැකි බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.

 

පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ එම තීරණය ගත් බව ඉන්දීය ක්‍රිකට් බලධාරීන් දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

විස්සයි විස්ස තරඟ 3කට සහ එක්දින ජාත්‍යාන්තර තරඟ 3කට සහභාගී වීම සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ජුනි මස ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව තිබිණි.

ක්‍රිකට් ක්‍රීඩා කටයුතු නැවත ඇරඹීමට පෙර ඉන්දීය රජයේ සහ එරට සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ලබා ගත යුතුව ඇතැයි ද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇත.

Read more

Local News