මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1883ක් දක්වා ඉහළට

Share

අද (13) දිනයේ තවත් කොවිඩ්-19 ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන ඇත.

 

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයින්ගේ ගණන 1883 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඉන් ආසාදිතයින් 620 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

මේ අතර ආසාදිතයින් 1252 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

අද හඳුනාගත් ආසාදිතයින් තිදෙනාගෙන් දෙදෙනෙකු කටාර් සිට පැමිණි පුද්ගලයින් වන අතර එක් අයෙකු නාවික හමුදා සාමාජිකයෙකු වෙයි.

Read more

Local News