උසස් පෙළ හෙට පැවැත්වීමට නියමිත විභාග කල් යයි

Share

මෙවර අ.පො.ස. ( උසස් පෙළ) විභාගය යෙදී තිබූ ඊදුල් අල්හා (හජ්) අවුරුදු උත්වසය හෙට (02) දින පැවැත්වීමට තීරණය වී ඇති බව තැපැල් තැපැල්සේවා හා මුස්ලිම් කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විභාග කොමසාරිස්වරයා වෙත දන්වා තිබෙන බැවින් එදින පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගයේ විෂයන් දෙකක් ලබන 4 වැනිදාට කල් දමා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

ඒ අනුව උසස් පෙළ විභාගයේ සාමාන්‍ය පොදු පරීක්ෂණය හා සන්නිවේදන තාක්ෂණය II පත්‍ර‍  කල් දමා තිබේ.

සියලුම විභාග අපේක්ෂකයන්ට දැනට නිකුත් කර ඇති විභාග ප්‍රවේශ පත්‍ර‍යම එදිනට ද වලංගු බව විභාග කොමසාරිස්වරයා දන්වා සිටි.

එසේම යම් විමසීමක් ඇතොත් පහත සඳහන් දූරකතන අංකවලින් විමසීම් සිදු කළ හැකිය.

පාසල් වභාග සංවිධාන හා ප්‍ර‍තිඵල ශාඛාව- 0112784508/0112784537/0113188350/0113140314
ක්ෂණික ඇමතුම් අංකය – 1911

Read more

Local News