පෙට් ස්කැනර් යන්ත්‍රය මෙරටට රැගෙන එයි

Share

රුපියල් මිලියන 202ක් වැය කරමින් ජර්මනියේ “සීමන්ස්” වෙළෙද සමාගමෙන් මිල දී ගෙන ඇති පෙට් ස්කැනර් යන්ත්‍රය ගුවන් මගින් ශ්‍රී ලංකාවට රැගෙන ආ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
මෙම යන්ත්‍රය අප්‍රේල් මාසයට ප්‍රථම මහරගම අපෙක්ෂා රෝහලේ සවිකර ස්කෑන් පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත.
මෙම යන්ත්‍රයෙන් පිළිකා රෝගය සියුම්ව හඳුනා ගත හැකි අතර, මසකට ස්කෑන් 100 කට වැඩි සංඛ්‍යාවක් සිදු කළ හැකිය.

Read more

Local News