2017 වසරේ තේ නිෂ්පාදනය ශක්තිමත් ලෙස ඉහළ නැංවීමට හැකි වී තිබෙනවා

Share

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකදී වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා සඳහන් කළේ, 2017 වසරේ තේ නිෂ්පාදනය ශක්තිමත් ලෙස ඉහළ නැංවීමට හැකි වූ බවයි.

තුර්කිය 2017 වසරේ ශ්‍රී ලංකාවේ තේ මිලදී ගත් ප්‍ර‍ධාන ගැනුම්කරුවා ලෙස වාර්තා වෙයි. පසුගිය වසරේ තේ කිලෝ ග්‍රෑම් මිලියන 289ක් අපනයනය කර ඇති අතර ඉන් ලැබුණු ආදායම රුපියල් බිලියන 233ක් වේ.

2016 වසරට වඩා 2017 වසරේ තේ අපනයනයේ 0.07%ක වර්ධනයක් දක්නට ලැබෙන අතර 2016 වසර සාපේක්ෂව 2017 වර්ෂයේ තේ අපනයනයෙන් ලැබූ සමස්ථ ආදායම 26.28%ක වර්ධනයක් පෙන්නුම් කරයි.

එසේම 2017 වසරේ තේ කර්මාන්තයට වසර 150 සංවත්සරය වෙනුවෙන් වැඩසටහන් රැසක් සංවිධානය කළ බවත් තේ කර්මාන්තයේ නියුතු පාර්ශවකරුවන් වෙනුවෙන් සේවාවන් රැසක් ක්‍රියාත්මක කර තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

සියලුම වතු සමාගම්වල සේවකයින් වෙත සහන ණය පොළියක් මත රුපියන් බිලියනයක ආපදා ණය මුදල් ලබාදීම, ගංවතුරෙන් හානියට පත් කාර්මාන්ත ශාලා 17 තිබූ තේ තොග සඳහා රුපියල් මිලියන 106.3ක වන්දි මුදලක් ලබාදීම යනාදී සහන ලබාදී තිබෙන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News