විශේෂ විමර්ශන නිලධාරීන් පිරිසක් මහින්දානන්දගේ නිවසට

Share

‍2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පිළිබඳ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනිමට විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් ඔහුගේ නිවසට ගොස් තිබේ.

 

අද (24) උදෑසන ඔහුගේ නිවසේ දී මෙයට අදාළව ප්‍රකාශය සටහන් කර ගන්නා බව එම විමර්ශන ඒකකය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා මහතා පැවසුවේය.

‍2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සිදුකරන විමර්ශනයට අදාළව මෙම ප්‍රකාශය ලබා ගන්නා බව සඳහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අවසන් මහා තරඟය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය පසුගිය දා තීරණය කරනු ලැබීය.

Read more

Local News