ජනමාධ්‍යවේදීන් 60ක් සඳහා රුපියල් ලක්ෂය බැගින් වූ ශිෂ්‍යත්ව

Share

වෘත්තීය ජනමාධ්‍ය කලාවක් ස්ථාපිත කිරීම සඳහා සියලු ජනමාධ්‍යවේදීන් දැනුමෙන්, කුසළතාවයෙන් හා ආකල්පමය වශයෙන් සන්නද්ධ කිරීම වෙනුවෙන් අරම්භ කළ ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව යටතේ ජනමාධ්‍යවේදීන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උළෙල අද (25) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කෙරිණි.

සම්මුඛ පරීක්ෂණයෙන් සුදුසුකම් ලත් විවිධ ජනමාධ්‍ය ආයතනවල සේවය කරන ජනමාධ්‍යවේදීන් 60ක් සඳහා රුපියල් ලක්ෂය බැගින් වූ ශිෂ්‍යත්වයක් මෙලෙස පිරිනැමිණි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා පැවසුවේ,

කාලාණුරූපව විශ්වවිද්‍යාලවල හා ජනමාධ්‍ය අධ්‍යාපන ආයතනවල පාඨමාලා ගාස්තු යම් යම් ප්‍රමාණවලින් ඉහළ
ගොස් තිබෙන බවත් එම වැඩිවන මුදල් ජනමාධ්‍යවේදීන්ගේ සාක්කුවෙන් දැරීමට සිදුවන බවත් ලේකම්වරයා
පෙන්වා දුන්නේ ය. ඒ අනුව ශිෂ්‍යත්ව මුදල වසර 2018 සිට ඉහළ නැංවීමෙ හැකියාව සොයාබලන බවද සඳහන්
කළේ ය.

ඉතිරියේ දී මුදල ගණනය කිරීම තීරණය කරන බවද ප්‍රකාශ කළ ලේකම්වරයා, විශ්වවිද්‍යාල හා පුහුණු කිරීමේ
ආයතනවල පාඨමාලා ගාස්තු වල තත්ත්වය සළකා බලන විට ලබාදෙන මුදල ප්‍රමාණවත් නොවන බවද සඳහන්
කළේ ය. ඒ අනුව මුදල් හා ජනමධ්‍ය අමාත්‍යාංශය ලබාදිය හැකි සියලු සහයෝගය ලබාදීමට කටයුතු කරන බවද
ඒ මහතා සඳහන් කළේ ය.

Read more

Local News