පුරාවිද්‍යා නැරඹුම් ස්ථාන අගෝස්තු 01 වැනි දා සිට විවෘත කිරීමට සැලසුම්

Share

මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පාලනය වන පුරාවිද්‍යා ස්ථාන අගෝස්තු 01 වැනි දා සිට යළි විවෘත කිරීමට අවසර දෙන්නැයි සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

 

එහි ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා සඳහන් කළේ, මේ යටතේ යාපහුව, දඹුල්ල, සීගිරිය ,අභයගිරිය හා ජේතවනාරාමය ඇතුළු පුරාවිද්‍යා ස්මාකර ඇතුළත් කලාප යළි විවෘත කරන බවය.

මේ වනවිටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පාලනය වන සියලු කෞතුකාගාර විවෘත කර තිබේ.

නමුත් ඒවා නැරඹිය හැක්කේ, අධ්‍යයන අවශ්‍යතා සඳහා පමණි.

මේ අතර අගෝස්තු 01 වැනි දා සිට ජාතික කෞතුකාරගාරය නැවත විවෘත කිරීමට ද අවසර ඉල්ලා ඇති බව සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

Read more

Local News