පාසල් විවෘත කිරීමේ පළමු අදියර අද

Share

කොවිඩ් නයින්ටීන් වසංගතය හේතුවෙන් වසා දැමුණු සියලු පාසල් අද (29) සිට අදියර 04 ක් යටතේ විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව අද දිනයේ විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල වෙනුවෙන් සියලුම පාසල් විවෘත කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

අද සිට සතියක කාලයක් පාසල්වල විෂබීජහරණය, පිරිසිදු කිරීම්, කාලසටහන් සකස් කිරීම් ඇතුළු පාසල් ආරම්භයට අදාළ කටයුතු සම්පාදනය කිරීම සිදුකළ යුතුයි.

පාසල් වෙත සිසුන් කැඳවීම ජුලි මස 6 වන දින සිට ආරම්භ කිරීමට නියමිත අතර පළමු අදියර යටතේ 5, 11 සහ 13 ශ්‍රේණිවල සිසුන්ට පාසල් ආරම්භ කිරීම සිදු කෙරෙයි.

10 සහ 12 ශ්‍රේණි සඳහා ජූලි මස 20 වනදා පාසල් විවෘත කර අතර 3, 4, 6, 7, 8 හා 9 යන ශ්‍රේණි සඳහා ජූලි මස 27 වනදා පාසල් විවෘත කිරීම සිදුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

කෙසේවෙතත් 1 හා 2 ශ්‍රේණි සඳහා පාසල් විවෘත වන දිනය වන පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

Read more

Local News