බස් ප‍්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමේ තෙවන අදියර අද සිට

Share

බස්නාහිර පළාතේ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමේ තුන්වන අදියර අද (29) දිනයේ සිට ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

 

ඒ ග‍්‍රෑන්ඞ්පාස් ඉගුරුකඬේ හංදියේ සිට සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, ආමර් වීදිය, පංචිකාවත්ත, මරදාන හරහා කොළඹ කොටුව දක්වායි.

රථවාහන තදබදය අවම කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක බස් ප‍්‍රමුඛතා මංතීරු වැඩසටහන අද පෙරවරු 6.00 සිට පෙරවරු 9.00 දක්වාත් පස්වරු 4.00 සිට රාතී‍්‍ර 7.00 දක්වා ද ක්‍රියාත්මක බව පොලිසිය වැඩිදුරටත් සදහන් කරයි.

Read more

Local News