ජය ශ්‍රී ලංකා කණ්ඩායමටයි

Share

ශ්‍රී ලංකා – බංග්ලාදේශ – සිම්බාබ්වේ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර හයවන එක්දින තරඟය අද (25) පැවැත්වුණි.

කාසිය වාසිය ලබා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පැමිණි බංග්ලාදේශ කණ්ඩායමට ක්‍රිඩකයින් සියලු දෙනාම දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 82ක් පමණි. ඒ පන්දු වාර 24ක් තුළයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 83ක ඉලක්කයක් හිමි විය. ජයග්‍රාහී ලකුණු 83ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිඳු ක්‍රීඩකයෙකු නොදැවී පන්දු වාර 11.5කදී එම ඉලක්කය ලබා ගැනීමට හැකි විය. ඒ අනුව ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක් හිමි විය.

අාරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණි උපුල් තරංග සහ ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රණනය කරා රැගෙන ගියේය. උපුල් තරංග පන්දු 37කදී ලකුණු 39ක් හා ධනුෂ්ක ගුණතිලක පන්දු 35කදී ලකුණු 35ක් ලබා ගැනීමට සමත් විය.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කර ගැනීමට හැකි වුයේ Mushfiqur Rahimටයි. ඒ පන්දු 56කදී ලකුණු 26යි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුරංග ලක්මාල් කඩුලු 3ක් සහ ලක්ෂාන් සඳකැන්, දුෂ්මන්ත චමීර හා තිසර පෙරේරා කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් විය.

ඒ් අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරඟයට තරඟ කරයි.

Read more

Local News