නීතිපතිගෙන් වැඩබලන පොලිස්පතිට දැනුම්දීමක්

Share

වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා විසින් ඉදිරිපත් කර ඇති රීට් පෙත්සම විභාගයේ දී වැඩබලන පොලිස්පතිවරයා වෙනුවෙන් තමාට පෙනී සිටිය නොහැකි බව නීතිපතිවරයා දන්වා තිබේ.

 

නීතිපති උපදෙස් මත ක්‍රියා නොකිරීම එයට ඊට හේතු ලෙස දක්වා ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පවසයි.

මහත් ආන්දෝලනයකට තුඩුදුන් හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ දුරකථන හඬපට සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් ජූනි මස 8 වන දින අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

Read more

Local News